විදුහල්පතිනියගේ පණිවිඩය
H.P.D.S. අමරසුරිය මිය
‘ඔබේ කොටස මැනවින් ඉටු කරන්න’යන තේමා පාඨය අයත් බස්නාහිර පළාතේ පිළියන්දල කලාපයේ කැපී පෙනෙන දීප්තිමත් පාසලක් වන මෙතොදිස්ත උසස් විද්‍යාලය මොරටු කොට්ඨාසයේ පිහිටා ඇති පාසලකි. අධ්‍යාපනය, විෂය බාහිර හා විෂය සමගාමී ක්‍රියාකාරකම් හා සෞන්දර්ය ක්‍රියාකාරකම් අතින් කොට්ඨාස, කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබමින් ඉදිරියට යන අප පාසල පසුගිය වර්ෂය තුල ක්‍රිකට් ක්‍රිඩාවෙන්ද ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබා ගෙන ඇත.
2022 වර්ෂයේ නැගී එන 19 පහල ක්‍රිකට් කණ්ඩායම අප පාසල වීමද අප ලද විශිෂ්ඨ ජයග්‍රණයක් බවද තොරතුරු තාක්ෂණ අංශයේ පාසලේ ජයග්‍රහණ සනිටුහන් කරන්නට සමත් වීමද අප ලද භාග්‍යයක් වන අතර 21 වන සියවසේ විශ්ව ගම්මානය හා ගණුදෙනු කිරීමට අප පාසල දරන්නා වූ මේ දැවැන්ත ක්‍රියාවලිය සදහා අප පාසලේ වෙබ් අඩවිය හා සම්බන්ද වෙමින් අපගේ පාසලට එම සහයෝගය ලබා දීමට ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටින අතර ඒ සදහා සහයෝගය ලබා දුන් සියළු දෙනාටම මෙතෝදිස්ත උසස් විද්‍යාලයේ ගෞරවනීය ස්තූතිය පිරිනමන අතර මෙතෝදිස්ත උසස් විද්‍යාලයේ දැක්ම වන සතිමත්, සුහුරු, හරිත පාසල සදහා මෙම වෙබ් අඩවිය ඵලදායි ලෙස යොදා ගැනීමට හැකියව ලැබේවායි, ප්‍රාර්ථනා කරමි.
H.P.D.S. අමරසුරිය මිය
විදුහල්පතිනිය
මෙතොදිස්ත උසස් විද්‍යාලය.






