|
1971-1974 |
විදුහල්පති රාජා ද සිල්වා මහතා |
|
එතෙක් කණිෂ්ඨ විදුහල හා ජ්‍යෙෂ්ඨ විදුහල ලෙස ක්‍රියාත්මක වූ විදුහල් දෙක එක් විදුහලක් ලෙස පත්කළ මෙතුමා විශිෂ්ට දක්ෂතා දක්වමින් ඉදිරියට මෙහෙය විය. එසේම, ප්රාග් වෘත්තීය විෂය යටතේ වඩුවැඩ අංශය ජෙරල්ඩ් කුරේ මහතා සමග එක්ව පිහිට වූ අතර ගෘහ විද්‍යා අංශය එස්. ජයසිංහ මහත්මිය යටතේ මෙහෙය විය. මෙතුමා වඩුවැඩ අංශය සඳහා විධිමත් බංකු කඳන් 6 ක් හා ලක්ෂ 2 ක් පමණ වටිනා වඩුවැඩ උපකරණ රජයෙන් ලබා ගැනීමට ක්‍රියා කළේය. මෙතුමාගේ කාලයේදී ප්‍රථමවරට විදුහල් ක්‍රිඩා පිට්ටනියේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් පැවැත්වු අතර එය සංවිධානය කර මෙහෙයවන ලද්දේ විමල් මැන්දිස් මහතා ඇතුලු ගුරු පිරිසක් විසිනි. වැඩිකල් ගතවන්නට පෙර මොරටු මාණ්ඩලික අධ්‍යාපන නිලධාරිතුමා ලෙස පත්ව යාම විශේෂත්වයක් විය. |
|
1975 - 1977 |
විදුහල්පති මහින්ද සිල්වා මහතා |
|
බෞද්ධ ළමයින් වෙනුවෙන් පළමු වරට ශීල සමාදාන වැඩසටහනක් ආරම්භ කළේය. |
|
1977-1981 |
විදුහල්පති පී. ටිනිල් ප්‍රනාන්දු මහතා |
|
ඉතා ක්‍රියාශීලිව කටයුතු මෙහෙය වූ මෙතුමා විදුහල් අලුත්වැඩියා කටයුතු වලදී ශ්රමදායකත්වයක් ලබා දීමද සඳහන් කළ යුතුය. 1976 වර්ෂයේදී විදුහලේ අධ්‍යාපනය සදහා ප්‍රමාණවත් ගොඩනැගිලි නොමැති වීම නිසා පන්ති 04 ශලාවක් බැඳ වහලට පොල් අතු දමා සකස් කිරීම ඉහළ පන්තිවල ළමයින් වහලය සාදා ඇත. විනය සහ වේලාවට වැඩ කිරීම. ප්‍රධාන රැස්වීම ඉතාමත් විනය ගරුක රැස්වීමක් ලෙස පැවැත්වීම. 1978 වර්ෂයේ අ.පො.ස. (සා පෙළ) දරුවන් හට මහවැලිය පිළිබඳව සහ සිංහල විෂය සෙනසුරාදා දිනවල ඉගැන්වීම (නොමිලයේ). දක්ෂ නැටුම් ශිල්පියෙකු සේම දක්ෂ ක්‍රීඩකයෙකු වීම. එක් නිවාසන්තර තරගයකදී සිසුන්ට අභියෝග කර ඔවුන් සමග තරග වැදී ක්‍රීඩා ගුරු බෙන්සන් මහතා සහ ටිනිල් විදුහල්පතිතුමා 1 වන සහ 2 වන ස්ථාන ජය ගැනීම. සෑම සිසුවකු සඳහා දෛනික ප්‍රගති වාර්තාවක් සකස් කිරීම අනිවාර්ය කිරීම. |
|
1981-1985 |
විදුහල්පති ඩබ්. ජේ. ඩයස් ගුණරත්න මහතා |
|
1982 ජුනි 29 - විදුහල් භූමියේදී විද්‍යාලයීය කිතුනු දෙව්මැදුර විවෘත කිරීම. 1984- මොරටු මණ්ඩලයේ දන්ත චිකිත්සාගාරයක් සඳහා ඉදිවු ගොඩනැගිල්ලක ඇරඹුණු ප්‍රථම දන්ත චිකිත්සාගාරය විදුහල් භූමියේ විවෘත කිරීම. (නෝමන් මැන්දිස් මහතා ගත් උත්සාහය සිහිපත් කළ යුතුය.) 1985.02.23 - මොරටුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි විදේශ කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ටිරොන් ප්‍රනාන්දු මැතිතුමාගේ විමධ්‍යගත අයවැය ප්‍රතිපාදන 90X25 නව දෙමහල් ගොඩනැගිල්ල ලබාගැනීම සහ බිම් මහල විවෘත කිරීම. 1985 - මාණ්ඩලික ක්‍රීඩා උත්සවයේදී සාර්ථක සහභාගිත්වය පිළිබද ප්‍රථම ස්ථානය ටිරෝන් ප්‍රනාන්දු තරග පළිහ දිනා ගැනීම. |
|
1986 - 1993 |
විදුහල්පති ඩබ්. වෝල්ටර් සේනානායක මහතා |
|
බාල දක්ෂ ස්වර්ණ ජයන්තිය සැමරීම. දෙමහල් ගොඩනැගිල්ලේ දෙවන මහල නිමකර විවෘත කිරීම. විදුහල් භූමියේ වටිනා රුක් රෝපණය කර විද්‍යාල භූමියට වටිනාකමක් ලබාදීම. අ.පො.ස. (සා. පෙළ) විෂය ධාරාවට වාණිජ හා ගිණුම් විෂය ආරම්භ කිරීම බැඩ්මින්ටන් ක්‍රීඩාව ආරම්භ කිරීම. |
|
1994-1997 |
විදුහල්පති ඩී. කේ. බද්දේවිතාන මහතා |
|
වොලිබෝල් ක්‍රිඩාව දියුණු තත්වයකට පත් කිරීම. විදුහලේ අ.පො.ස. (උසස් පෙළ) කලා හා වාණිජ ධාරා ආරම්භ කර විදුහල 1C වර්ගයේ පාසලක් බවට උසස් තත්ත්වයකට පත්කිරීම. |
|
1998 - 2001 |
විදුහල්පති එම්. හේමචන්ද්‍ර පෙරේරා මහතා |
|
1998 - ලෙදර් ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම ක්‍රීඩාගාරය සංවර්ධන (ගරු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා සමෘද්ධි යෞවන කටයුතු හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය ජීවන් කුමාරණතුංග මැතිතුමාගේ ප්‍රතිපාදන යටතේ (රු.200000/-). ක්‍රීඩාපිටියේ කෙටිතාප්පයක් හා ගේට්ටුවක් ඉදිකිරීම (එවකට ගරු නාගරික මන්ත්‍රි මොරිස් විජේරත්න මැතිතුමාගේ ප්‍රතිපාදන යටතේ රු.25000/-) අංග සම්පුර්ණ පුස්තකාල ගොඩනැගිල්ල (අධ්‍යාපන අමාත්‍යාංශ ලෝක බැංකු ආධාර මත රු.1700 000/- ක් වටිනා). ආදි ශිෂ්‍ය සංගමයක් ආරම්භ කිරීම. බටහිර තුර්ය වාදන ඛණ්ඩය නිර්මාණය කිරීම (රු.100000/- වටිනා භාණ්ඩ සමග) තුර්ය වාදක කණ්ඩායමට නිල ඇදුම් සැකසීම. 1999 විධිමත් වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයක් පැවැත්වීම. (ප්‍රධාන ආරාධිත ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් මැතිතුමා) . 1999 - ශිෂ්‍යභට කණ්ඩය ආරම්භ කිරීම. |
|
2002 - 2003 |
විදුහල්පති සුනිල් අබේගුණවර්ධන මහතා |
|
•ළමා වෙළද පොළ පවත්වා දරුවන්ට ගණුදෙනු කිරීම සහ සාමුහිකත්වය පිළිබද අත්දැකීම් ලබාදීමට කටයුතු කිරීම. •2003 පාගමන (MHS ප්‍රථම පාගමන) යාමට අවශ්‍ය සැලසුම් සකස් කර සංවිධානය කිරීම. •එතුමා ස්ථාන මාරු ලැබියාම හේතුවෙන් වැඩබලන විදුහල්පතිනිය ලෙස ක්‍රියා කළ ලක්ෂිණි ද සිල්වා මහත්මිය නියෝජ්‍ය විදුහල්පතිනිය ඩබ්. විමාලි මහත්මියගේ ද සහය ලබාගනිමින් පාගමන ක්‍රියාත්මක කරන ලදි. |
|
2003 - 2010 |
විදුහල්පති එල්. එස්. අයි. ප්‍රනාන්දු මහත්මිය |
|
•ගුරු දිනය සැලසුම් සහගතව සංවිධානය කිරීම. •ශිෂ්‍ය නායක දිනය සහ ශිෂ්‍ය නායක පදක්කම් පැළදිවීමේ උත්සවය ක්‍රමවත්ව සංවිධානය කර සිදු කිරීම. •බහුමාධ්‍ය ප්‍රොජෙක්ටරය සහ ක්‍රීඩා උපකරණ ලබාදීම (ගරු අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මැතිතුමා රු.150000/-) •ෆොටෝ කොපි යන්ත්‍රය සහ ඩුප්ලෝ යන්ත්‍රය ලබාදීම (ගරු අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මැතිතුමා) •සනීපාරක්ෂක පහසුකම් සඳහා වැසිකිළි හා කැසිකිළි කට්ටලයක් ඉදිකිරීම (ගරු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසි මැතිතුමා රු.350 000/-) •පාසල වටා අනාරක්ෂිතව තිබු මායිම් තාප්පය 2004 සිට පස් අවුරුදු සැලැස්ම යටතේ වැඩ නිම වන ආකාරයට සම්පුර්ණයෙන්ම මායිම සකස් කිරීම. •2003 වසරේ මුල් ගල තබා ඉදිවෙමින් පැවති 1 ශ්‍රේණිය පංති කාමර දෙක අංග සම්පුර්ණ කොට 1 ශ්‍රේණි සිසුන්ට භාරදීම. •වෙන් නොකළ විවෘත පංති කාමර සියල්ලේම 2004 වර්ෂයේ සිට ඩයමන් ආචරණ දැල් ගසා පංති කාමර විධිමත් ලෙස සකස් කිරීම. •2005 වර්ෂයේදී 130X33 ශ්‍රවනාගාරය සහිත නව තෙමහල් ගොඩනැගිල්ලට මුල් ගල තබා වැඩ ආරම්භ කර පළමු මහලේ වැඩ අඩක් ඉවර කිරීම. •ක්‍රිකට් (ලෙදර්). වොලි බොල්, බාලදක්ෂ ආදියට අවශ්‍ය පහසුකම් ලබා දී විධිමත් ලෙස පුහුණු කිරීමේ උපදේශකවරුන් පත් කරමින් ක්‍රීඩාව ඉහළ නැංවීම. •නාට්‍ය හා රංග කලාව සදහා අවශ්‍ය ගුරුවරයකු ලබාගෙන නාට්‍ය අංශයට පහසුකම් ලබා දී සමස්ත ලංකා මට්ටම දක්වා නාට්‍ය ඉදිරිපත් කරවීම. •පැවති උග්‍ර ගුරු හිගය මග හරවමින් 2005 වර්ෂයේදී අලුතින් උපාධිදාරි ගුරුවරුන් 15 ක් ලබාගෙන ගුරු හිගයට විසදුම් ලබාදීම |
|
2010 - 2022 |
විදුහල්පති එම්.එල්. පෙරේරා මිය |
|
ආදි විදුහල්පති ඡායාරූප නිරාවරණය එළිමහන් කැරොල් ගී ප්‍රසංගය පැවැත්වීම. ත්‍යාග ප්රදානෝත්සවය වසර 10 කට පසුව පැවැත්වීම. ප්‍රධාන ආරාධිත ශ්‍රි ලංකා මහ බැංකුවේ හිටපු මාණ්ඩලික නිලධාරි ආර්ථික පර්යේෂණ දෙපාර්තුමේන්තුව ජ්‍යෙෂ්ඨ අර්ථ ශාස්ත්‍රඥ ආදි ශිෂ්‍ය වින්සන් මර්වින් ප්‍රනාන්දු මැතිතුමා. " සමනළ රැගුම් '' ප්‍රාථමික අංශ විවිධ ප්‍රසංගය ආරම්භය. උසස් පෙළ කලා විෂය ධාරාව සදහා බෞද්ධ ශිෂ්ටාචාරය ක්‍රිස්තු ධර්මය, නර්තනය හා නාට්‍ය හා රංග කලාව, තර්ක ශාස්ත්‍රය විෂයයන් ආරම්භ කිරීම. ශිෂ්‍ය නායක දිනය වෙනුවෙන් සගරාවක් "පෙරමග සක්මන" නමින් එළිදැක්වීම. ශිෂ්‍ය සුභසාධන සංගමය ආරම්භය. දින 3 ක නේවාසික පළමු ශිෂ්‍යනායක කදවුර පැවැත්වීම. රගර් ක්‍රීඩාව හදුන්වාදීම සහ රගර් සැණකෙළිය සඳහා සහභාගිවීම. 5 වන මොරටුව බාල දක්ෂ හා පෝතක බාලදක්ෂ සමුහය නැවත ආරම්හ කිරීම. විදුහල් ඉතිහාසයේ ප්‍රථම වතාවට අ.පො.ස. (උ. පෙළ) වාණිජ අංශයේ "A " සමාර්ථ තුනම ලබා ගැනීම. නිදහස් මුද්දර ලෝලීන්ගේ සංගමය ආරම්භ කිරීම. මුද්දර ප්‍රදර්ශන තරගයට ඉදිරිපත් වී කොළඹ දිස්ත්‍රික් 12 න් පහළ කුසලතා සම්මාන 4 කොළඹ දිස්ත්‍රික් 20 න් පහළ කුසලතා සම්මාන 2. විදුරග ප්‍රසංගය ආරම්භය - ගුරු, සිසු, ආදී ගුරු, ආදි සිසු රංගන දායකත්වය - ඩබ්. විමල් පෙරේරා මහතාගේ භාරකාරත්වයෙනි. පාරිභෝගික කටයුතු සංගමය ආරම්භ කර ලියාපදිංචි කිරීම පාරිභෝගික කටයුතු අධිකාරිය මෙහෙය වූ ලේබල්කරණය තරගයෙන් කොළඹ දිස්ත්‍රික් තෙවන ස්ථානය රු.25000/- මුදල් ත්‍යාගය සහ සහතික පත්‍ර දිනාගැනීම - නලනී චන්දිමා ගුරු මහත්මිය භාරව කටයුතු කිරීම. අ.පො.ස (සා.පෙළ) විශිෂ්ට ප්‍රතිඵල ලබා අ.පො.ස. (උ.පෙළ) සදහා විද්‍යාලයේ අධ්‍යාපනය හැදැරීමට රැඳී සිටින ශිෂ්‍යයාට රු.10000/- ක පරිත්‍යාගය ලබාදීම ආරම්භ කිරීම. |






