නියෝජ්‍ය විදුහල්පතිනියගේ පණිවිඩය
P. මංජුලා නිශාන්ති
බප/පිලි / මෙතොදිස්ත උසස් විදුහල පිළියන්දල අධ්‍යාපනය කලාපයට අයත් මොරටුව කොට්ඨාසයේ දීප්තිමත් පාසලකි. මොරටුමුල්ල පුවක් අරඹ ප්‍රදේශයේ දුවා දරුවන්ගේ නැණ ගුණ වඩන පිං බිම විනයවත් පරිසරයක් තුල සමබර පෞරුෂයකින් හෙබි දරුවන් දැයට දායාද කරන විදුබිමකි. කොට්‍ඨාස කලාප මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසක් වසරක් පාසා අත්පත් කර ගන්නා දක්ෂ දරු පිරිසක් අප විද්‍යාලය සතුය. දරුවන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලි ගුණාත්මකභාවය වර්ධනයට හේතුවන භෞතික සම්පත් රැසක් අප විද්‍යාලය සතු වීමද අපගේ සියලු ජයග්‍රහණවලට හේතුවකි. මෙබදු පසුබිමක් තුල දිනෙන් දින ජයග්‍රහණ කරා පියමනින මෙතොදිස්ත උසස් විදුහලට සදා ජය පතමි.
P. මංජුලා නිශාන්ති
නියෝජ්‍ය විදුහල්පතිනිය
මෙතොදිස්ත උසස් විද්‍යාලය.






