1841 දි මොරටුමුල්ල මෙතොදිස්ත පළාතේ අධ්‍යක්ෂ දේවගැතිතුමා වශයෙන් පත්ව ආ ගෞරවනීය පීටර් ජෙරාඩ්ද සිල්වා දේවගැතිතුමාගෙන් එවකට සෑම පළතකටම මෙතොදිස්ත සභාවෙන් ජනතාව ඉල්ලා සිටි පරිදි නව පාසල් ගොඩනැගිල්ල මොරටුමුල්ලට යාබද ගල්පොත්තේ ඉඩමක මෙම මුල් පාසල ආරම්භකොට 1865 දක්වා පවත්වාගෙන ගොස් ඇත. ඉන් පසු මොරටුමුල්ලේ දැනට දෙව්මැදුර පිහිටුවා ඇති බිම් කොටසේ මෙතොදිස්ත දෙව් මැදුර ගොඩනැගිමෙන් පසු එතෙක් ගල්පොත්තේ පැවති සිංහල පාසල මොරටුමුල්ල දෙවි මැදුරු බිමට ගෙනවිත් ඇත.
1970 මාර්තු 05 වනදා මොරටුව පුවක්අරඹේ රජයේ ආධාරද ඇතිව ඉදිකළ ගොඩනැගිලි වල ආරම්භ කරන ලද වර්තමාන බප/පිළි මෙතොදිස්ත උසස් විද්‍යාලය ඉන් පෙර මෙතොදිස්ත දෙවිමැදුරු 04ක් ආශ්‍රිතව පැවැති මෙතොදිස්ත පාසල් 04ක් ඒකාබද්ධ කිරිමෙන් ස්ථාපිත විය. එම විදුහල් 04 මෙසේ විය.
♦ මොරටුමුල්ල මෙතොදිස්ත සිංහල මිශ්‍ර පාඨශාලාව ගෞරව පීටර් ජෙරාඩ් සිල්වා දේවගැතිතුමාගේ මග පෙන්වීම යටතේ ගල්පොත්ත හන්දියේ ඉඩමක ඉදිකළ ගොඩනැගිල්ලක 1842 මාර්තු 05 වනදා ආරම්භ කරන ලදි.
♦ පසුව එය මොරටුමුල්ල වර්තමාන දේවස්ථාන බිමේ ගොඩනැගිලි වලට ගෙනවිත් එහි ස්ථාපිත කරන ලද්දේ දෙවනි පාසලක් ලෙසිනි.
♦ ඉදිබැද්ද මෙතොදිස්ත දෙවිමැදුරු බිමේ ඉදිබැද්ද මෙතොදිස්ත කනිෂ්ඨ විදුහල 1895 ජුනි 05වනදා ආරම්භ කරන ලදි.
♦ කඩලාන මෙතොදිස්ත දෙවිමැදුරු බිමේ කඩලාන මෙතොදිස්ත ප්‍රාථමික විදුහල 1936 ජුනි 15 දා ආරම්භ කරන ලදි.
මෙතොදිස්ත සභාවේ මහ මන්ත්‍රණ සභාව හා සෙනට් සභාවේ අනුමත වු යෝජනා හා තීරණ වලට අනුව ගත් පුවක්අරඹේ පොර පොල් වත්ත නම් වු අක්කර 05ක් විශාල ඉඩමේ පාසල් ගොඩනැගිලි ඉදිකිරිමට වෙන්කළ රු.50000/-ක මුදල රජයට පරිත්‍යාග කර 1962 පාසල් රජයට පවරා ගැනිම හා ප්‍රති සංවිධානය කිරිමේ ක්‍රියාවලියට අනුගත වෙමින් රජයේද ආධර ඇතිව පුවක්අරඹේ තනන ලද නව ගොඩනැගිලි වලට 1970 මාර්තු 05 වනදා ඉහත පාසල් 04 ඒකාබද්ධ කරගෙන ඒමෙන් දැනට පුවක්අරඹේ ඇති මෙතොදිස්ත උසස් විදුහල ස්ථාපිත විය.
මෙම කරුණු සියල්ල පහත ලිඛිත ඉතිහාස පොත් තුලින් ඔප්පු වේ.
• මොරටුමුල්ල මෙතොදිස්ත දෙවිමැදුර පිළිබඳව නිකුත් කරන ලද 1879-1939 වසර 60 වෙනුවෙන් නිකුත් කළ පුර්ව කතා සංදර්ශනය නැමැති ග්‍රන්ථයෙන්
• අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අනාන්ද ගුරුගේ විසින් 1962 චක්‍රලේඛය
• මොරටුමුල්ල කනිෂ්ඨ පාසලේ සියවස වෙනුවෙන් නිකුත් කළ ග්‍රන්ථ
• කඩලාන මෙතොදිස්ත සභාවේ ජුබිලි සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ ග්‍රන්ථ






